Friday, May 13, 2011

ගමන

source


මුව හසරැලි හඬවා
කඳුලැලි ලං කරලා
මා ඔබ හැර යනවා
සිත සැනසුම සොයලා

රඳවා සිරගත කල මා
ඔබ හද සිර ගෙය අද නෑ
නවතා ලූ පියවර මා
පෙම් දම්වැල් කිසිවක් නෑ

සඳ නැති තරු මඟ කියනා
මාවත තනිවම යනවා
සීතල සුළඟක් වැදිලා
ඉනු කඳුලැලි වියලෙනවා

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...