Friday, June 3, 2011

සිහිනය


source


ඇය එහා පැත්තේ 
මං මෙහා පැත්තේ
අපි දෙන්නා මද්දේ
කලු වීදුරුව

ඈ සොඳුරු බව මටත්
වාගේම ඈ හටත්
කියාදෙන ටින්ටඩ්
කලු වීදුරුව

ඇගෙන් මා වසන් කර
මා නෙතේ ඈ හොවන
පක්ෂපාතී කපට
කලු වීදුරුව

දෑසම ඇරන් දකින
මගේ පෙම් සිහිනයට
එළිය දෙන්නේ අඳුරු 
කලු වීදුරුව

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...