Friday, June 24, 2011

ගුරු අම්මා

source

අපෙ ගම්මානෙ දුෂ්කර පිටිසර හින්දා
පාසැල් එන්නෙ එහෙමත් ළමයෙක් හන්දා
උනුත් කුඹුරු වැඩ දවසට නැති හන්දා
ගුරුවරු නේන එක මෙහි හරිදෝ මන්දා


මේ දුක් ගැහට දැක දැක අප ගැන පෙම්මා
ඉස්කෝලෙම ඉන්න අපගේ ගුරු අම්මා
පෑහෙන්නට නොදී අම්බරුවන් එක්කා
සිප් කිරි පොවයි අපගේ හිස් හිස් අතගා


හිතමින් ඉන්න හැටි නගරෙට පැන ගන්නා
පුහුදුන් අපි මඩේ ඔබ නෙළුමයි පිපිලා
දල්වන නැණ පහන් අපගේ ඇස් පාදා
අම්මා බුදු වෙන්න ඔබ අග සවු වේවා !


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...