Monday, June 27, 2011

කුසුම


source

සුදු පිච්ච මලක
සිරියයි මුහුණ
රේණු පොකුරක
සුවඳයි වචන

උසත් නැති ගහක
අතු බිමට නැමුණ
අත පොවන දුරක 
හිනැහෙන කුසුම

මාවතක් මතක 
තබා ගත නොහෙන
ස්වප්න උයනක 
සුපිපුණේ කිමද ? 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...