Thursday, July 7, 2011

මතක

source

පුංචි ඇස් නුඹගේ කිඳුරී
පෙරළි කල වරලස කැරළී
වචන වී ගීයක් මිහිරී
ඇසේ තාමත් මට සොඳුරී

ළඟම ඉන්නට කී සුරලී
ඇයිද අද තනිවම වැළලී
ගින්න හද පතුලේ ඇවිලී
ගොසින් අද කඳුළුත් වියලී

ගමන මතකයි අපි ආපු
හීන සිහිවෙයි අපි මවපු
රෑක සඳ නැති අපි දැකපු
තරුව තාමත් තනිවමලු


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...