Wednesday, February 26, 2014

ගඟක් ගලයි



image-from

සීත හිම දිය වෙනව
වසන්තය ළඟ එනව
මිදුණු ගං දිය උඩට
ඉර වැටිල දිලිසෙනව

කාට ලස්සන උණත්
ගඟක් කැමතියි හුඟක්
නිහඬවම නිසසලව
මිදිල ඉන්නට තවත්

මෙය ප්‍රථම වසන්තය
නොවේ ගඟ පසු කරන
දන්න හින්දා ගැහැට
කෙඳිරි ගාමින් ගලන

අගක අතු ගඟට බර
මලක් ළඟ නවතීද
වසන්තය උදාවන
වළක්වනු හැකිවේද

මුහුද හමුවෙයි ගඟට
යළිත් නිසසල වෙන්ට
තවත් ගංගා වැටුණ
හැකිද තරහා වෙන්ට

5 comments:

Janaranga Dewasurendra said...

බොහොම අගෙයි මිත්‍රයා..වින්ඳා

Buddhika Mawella said...

hondai.

Rasika Kariyawasam said...

@Janaranga Wijaindu Dewasurendra
සතුටුයි. තුති !

@Buddhika Mawella
Thanx !

හසිතා said...

මුහුදත් එක්ක තරහා වෙලා කොහොමද ගඟ?

Rasika Kariyawasam said...

ඒකනෙ :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...